විජයකාන්ත් වියස්කාන්ත් IPL තරගාවලියට ගිවිසුම්ගත වෙයි

Date:

ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ  ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි.

ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් යටතේ විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

මේ වන විට 22 වන වියේ පසුවන වියස්කාන්ත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට සමත් වුණා.

ඔහු මීට පෙර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Chattogram Challengers කණ්ඩායම මෙන්ම ILT20 තරගාවලියේ දී MI Emirates කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් විස්සයි 20 ජාත්‍යන්තර තරගයක් (ආසියානු ක්‍රීඩා උළලේ දී) පමණක් ක්‍රීඩා කර ඇති වියස්කාන්ත් මේ වන විට විස්සයි 20 තරග 33 කදී දවා ගෙන ඇති කඩුලු ගණන 42 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...