Watch : 14 හැවිරිදි චමෝදි ප්‍රබෝදාගේ කඩුලු 5 හමුවේ ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

Date:

14 හැවිරිදි චමෝදි ප්‍රබෝදාගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ යොවුන් කාන්තා එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(9)  එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 108 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම සමත් වුණා.

ගාල්ලේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 226 ක්.

රශ්මිකා සෙව්වන්දි ලකුණු 58 ක් රැස් කළ අතර, සංජනා කාවින්දි හා සුමුදු නිසංසලා ලකුණු 27 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Amu Surenkuma, Sophia Smale හා Charis Pavely කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

Jodi Grewcock ලකුණු 26 කටත්, Amu Surenkuma ලකුණු 25 කටත් දැවී ගියා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝදා පන්දුවාර 9.3 ක් තුළ කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 42 ක් ලබා දෙමින්. දෙව්මි විහන්ගා ලකුණු 43 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...