හසරංගගේ IPL බලපොරොත්තු බිද වැටෙයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් 2024 අයි.පී.එල් තරගාවලියට ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

ඒ අනුව වනිදු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඉදිරියේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කටයුතු කරනු ඇති.

වනිදු හසරංග වම් වළලුකර ප්‍රදේශයේ ආබාධයකින් පසුවන බැවින් එය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා ඔහුට පුනරුත්තාපන කටයුතුවල හා විවේකීව කාලය ගත කිරීමට සිදු වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බව සදහන්.

මීට දින කිහිපයට පෙර වනිදු වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා ඩුබායි වෙත පිටත්ව ගොස් තිබුණා. එහි දින තුනක පමණ කාලයක් ඔහු රැදී සිට ඇති අතර, එහිදී වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියට සහභාගී නොවී විවේක ගන්නා ලෙසටයි.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ද ඔහු වන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා වනිදු හසරංගගේ ද ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජූනි මාසයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීම බව නොරහසක්.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අයි.පී.එල් තරගාවලිය මැයි 26 වැනිදා අවසන් වී දින පහක පමණ කාලයකින් පසුවයි.

වනිදු හසරංග 2022 අදියරේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 26 ක් දවා ගත් අතර, මෙවර තරගාවලිය සදහා ඔහුව සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 1.5 ක මුදලකටයි. එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 5.4 ක පමණ වටිනාකමක් යටතේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...