පාකිස්තාන ප්‍රබල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු රිය අනතුරකට මුහුණ දෙයි

Date:

පාකිස්තාන කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන Bismah Maroof හා Ghulam Fatima මෝටර් රථ අනතුරකට මුහුණ දී තිබෙනවා.

එම රිය අනතුරින් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා ඇති බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔවුන් දෙදෙනාට අවශ්‍ය මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව මේ වන විට ඔවුන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ පසුවන බව ද එරට ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

පාකිස්තාන කණ්ඩායම ඉදිරියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරගාවලිය වෙනුවෙන් වන පුහුණු කදවුරකට මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගේම නම් ඇතුළත්.

කොදෙව් කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 18 වැනිදා සිට කරච්චි හී දී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...