වනිදුගේ ලංසු තැබීම අතරතුර දී වෙන්දේසිකරු ක්ලාන්ත වී බිම ඇද වැටෙයි

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(12) බැංගලූරුහී දී ආරම්භ වුණා.

වෙන්දේසිය පැය දෙකකටත් වැඩි කාලයක් අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ නමුත්, එය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට සිදුව තිබෙනවා.

ඒ, ලංසු ඉදිරිපත් කරන අතරතුර දී වෙන්දේසිකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික Hugh Edmeades හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන්.(එහි දර්ශන පහතින්)

අනතුරුව ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා කටයුතු කෙරුණු අතර, මේ වන විට ඔහු යහපත් තත්ත්වයෙන් පසුවන බව සදහන්.

දිවා ආහාරය සදහා ලබා දෙනු ලබන විවේක කාලය ද අදාළ සිදු වීම හේතුවෙන් නියමිත කාලයට පෙර ලබා දීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

ඒ අනුව ක්‍රීඩක වෙන්දේසිය පස්වරු 3.30ට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අවස්ථාවේ දී යි මෙම අනතුර සිදු වුණේ.

ඒ වන විට වනිදුට ඉන්දීය රුපියල් කෝටි 10.75 ක ලංසුවක් ඉදිරිපත්ව තිබුණා.

https://twitter.com/Crickiology__/status/1492421557381124099?t=IuIbMRD5EXn5C8SmujpSPg&s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...