IPL Auction : පළමු පැයේ දී අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(12) බැංගලූරුහී දී ආරම්භ වුණා.

මෙවර වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත්.

මෙවර වෙන්දේසියේ දී පළමු වරට අලෙවි වුණේ ඉන්දීය ආරම්භක පිතිකරුවෙකු වන ශිකර් ධවාන්.

පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශිකර් ධවාන් මිලදී ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 8.25 මුදලකටයි.

පළමු පැය තුළ අලෙවි වූ ක්‍රීඩක ලැයිස්තුව –

  • දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඩේවිඩ් වෝනර් ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට මිලදී ගනියි
  • ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ක්වෙන්ටන් ඩී කොක් ඉන්දීය රුපියල් කෝටි 6.75ක මුදලකට මිලදී ගනියි
  • රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ෆෆ් ඩු ප්ලෙසිස් ඉන්දීය රුපියල් කෝටි 7ක මුදලකට මිලදී ගනියි
  • ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් මොහොමඩ් ෂාමි ඉන්දීය රුපියල් කෝටි 6.25ක මුදලකට මිලදී ගනියි
  • කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ෂ්රෙයස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25ක මුදලකට මිලදී ගනියි
  • රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය රුපියල් කෝටි 8ක මුදලකට මිලදී ගනියි
  • පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් කාගිසෝ රබාඩා ඉන්දීය රුපියල් කෝටි 9.25ක මුදලකට මිලදී ගනියි
  • කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 7.25 ක මිලකට මිලදී ගනියි
  • රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ආර්.අශ්වින් ඉන්දීය රුපියල් කෝටි 5 ක මිලකට මිලදී ගනියි
  • පංජාබ් කිංග්ස් කණ්ඩායම විසින් ශිකර් ධවාන් ඉන්දීය රුපියල් කෝටි 8.25 මිලකට මිලදී ගනියි

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...