මෙවර IPL වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු මෙතෙක් අලෙවි වූ ඉහළම මිලට වනිදු අලෙවි වෙයි

Date:

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට බැංගලූරුහී දී පැවැත්වෙනවා.

ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු ඉදිරිපත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත්.

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ ලොව අංක එකේ පන්දුවාර 20යි 20 පන්දු යවන්නා වන වනිදු හසරංගයි.

වනිදු හසරංග මෙවර වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබූ මූලික වටිනාකම වූයේ ඉන්දීය රුපියල් කෝටියක්.

ඒ අනුව රුපියල් කෝටියේ සිට කණ්ඩායම් රැසක් විසින් ඔහුව මිලදී ගැනීම සදහා ලංසු ඉදිරිපත් කළා.

ලංසු ඉදිරිපත් කරන අතරතුරු දී වෙන්දේසිකරු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික Hugh Edmeades හදිසියේ ක්ලාන්ත වී බිම ඇද වැටීම හේතුවෙන් වෙන්දේසිය තාවකාලිකව අත්හිටුවීමට ද සිදු වුණා.

අනතුරුව යළි වෙන්දේසිය ආරම්භ කෙරුණේ පැයකටත් වැඩි කාලයකින් පසුවයි.

පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් වනිදු හසරංගව මිලදී ගැනීමට සමත් වුණා.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකටයි.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 28.79ක්.

එය මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී මෙතෙක් විදෙස් ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම වීම විශේෂත්වයක්.

පසුගිය අයි.පී.එල් තරග වාරයේ දී ද වනිදු හසරංග ක්‍රීඩා කළේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...