ලෝක කුසලානය හා ආසියානු කුසලානය වෙනුවෙන් 26 දෙනෙකුගෙන් යුත් යොවුන් සංචිතයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 19න් පහළ පුහුණු සංචිතයක් නම් කර තිබෙනවා.

ඒ, එළඹෙන යොවුන් ආසියානු කුසලානය හා යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින්.

කණිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් මෙම 26 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ඇත්තේ යොවුන් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමය හා පළාත් ක්‍රිකට් සංගම් සමග එක්ව සිදු කළ වැඩසටහනක් ඔස්සේ හදුනා ගත් අදාළ ක්‍රීඩකයින් 75 දෙනා මහනුවර දී නේවාසික පුහුණු කදවුරක් සදහා ද මීට පෙර යොමු කර තිබුණා.

දක්ෂතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතා සැසි මෙන්ම පුහුණු තරග කිහිපයක් ද මෙහිදී පවත්වා තිබූ අතර, සියලු ක්‍රීඩකයින් කණ්ඩායම් 5කට බෙදා වෙන් කර තිබූ බව සදහන්.

එනම්, කොළඹ (උතුර හා දකුණ ලෙස කණ්ඩායම් දෙකක්), දඹුල්ල, ගාල්ල හා මහනුවර යනුවෙන් එම කණ්ඩායම් නම් කර තිබුණා.

ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් සංචිතය –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...