50 වැනි වරටත් කෝලි අසාර්ථක කර වූ ඇන්ඩර්සන්ගේ සුපිරි පන්දුව

Date:

ඉන්දීය නායක විරාට් කෝලි යනු මෑත යුගයේ පහළ වූ විශිෂ්ඨතම පිතිකරුවෙකු බව ලොව ඕනෑම කෙනෙක් අවිවාදයෙන් පිළිගන්නා කරුණක්.

කෙසේ වෙතත්, පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ඔහුගේ දක්ෂතාවල යම් පසු බැසීමක් සිදුව ඇති බව දක්නට ලැබෙනවා.

මේ වන විට එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දී ද ඔහුට තවමත් සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වීමට අවස්ථාවක් ලැබී නැහැ.

දෙරට අතර අද(25) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී ද පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කෝලි ලබා ගත්තේ ලකුණු 7ක් පමණයි.

අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර ඇත්තේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

ඒ අනුව අද දිනයේ දි ද ඔහුට ශතකයක් වාර්තා කිරීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ඉනිම 50කදී ශතකයක් වාර්තා කිරීමට කෝලිට හැකියාව ලැබී නැහැ.

2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ඔහුගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 23ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...