ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ප්‍රබලයින් රැසක් එක් වෙයි

Date:

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් වන අන්ඩ්‍රි රසල්, සුනිල් නරේන්, ලොකී ෆර්ගසන් හා ජේසන් රෝයි ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මේජර් ලීග් ක්‍රිකට් (MLC) පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු අදියර සදහායි.

රෝයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග පවතින සිය කොන්ත්‍රාත් ගිවිසුම ද අවලංගු කරමිනුයි ලොස් ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වුණේ.

ඇඩම් සම්පා, මාර්ටින් ගප්ටිල් හා රයිලී රොසෝව් ද ලොස් ඇන්ජලීස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

Unmukt Chand, ඇමෙරිකාවේ Jaskaran Malhotra හා Ali Khan ද එම කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

Malhotra ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී එක් පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ පිතිකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු ද වනවා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව ඇමෙරිකාවේ Ali Sheikh , කොදෙව් දූපත්හි Bhaskar Yadram , දකුණු අප්‍රිකාවේ Corne Dry , කැනඩාවේ Nitish Kumar , පාකිස්තානයේ Saif Badar හා දකුණු අප්‍රිකාවේ Shadley Van Schalkwyk යන ක්‍රීඩකයින් ද ලොස් ඇන්ජලීස් සංචිතයට ඇතුළත්.

තරගාවලිය ජූලි 13 වැනිදා සිට 30 වැනිදා දක්වා ක්‍රීඩාංගන දෙකකදී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...