කෝටි 11 ක ගිවිසුම ගැන එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් හා රෝයිගෙන් නිවේදනයක්

Date:

එංගලන්ත පිතිකරු ජේසන් රෝයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග පවතින සිය ගිවිසුම අවලංගු කරමින් අමෙරිකාවේ පැවැත්වීමට නියමිත Major League Cricket තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වසර දෙකක ගිවිසුමක් Los Angeles Knight Riders කණ්ඩායම සමග අත්සන් කිරීමට එකගවීම සම්බන්ධයෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය හා ජේසන් රෝයි විසින් පැහැදිලි කිරීමක් සිදු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“එංගලන්ත සුදු පන්දු පිතිකරු ජේසන් රෝයි මෙම ගිම්හාන සෘතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය සමඟ ගිවිසුමකට එළඹීමට කැමති බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයට (ECB) දන්වා ඇත.” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව සිය ආයතනය සමග ඇති වර්ධක කොන්ත්‍රාත්තුවේ ඉතිරි කොටස ඔහු අත්හැරීමේ විධිවිධානය මත ජේසන් රෝයිට එම තරඟාවලියට ක්‍රීඩා කිරීම සදහා අවස්ථාව ලබා දුන් බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම තීරණය එංගලන්ත කණ්ඩායමේ ඉදිරි තේරීම්වලදී ජේසන් රෝයිට බලනොපාන බවත්, ඔහු එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් කැපවී සිටින බවට සිය ආයතනය පූර්ණ විශ්වාසයකින් පසුවන බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් ජේසන් රෝයි ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ “දැනට එංගලන්තය සමඟ කාලසටහනෙහි ගැටුම් නොමැති බැවින් මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් නොමැති තනි තරග රටාවක ක්‍රීඩකයෙකු ලෙස මට අවශ්‍ය වුණා මේ තරගාවලියට ක්‍රීඩා කරන්න අවස්ථාව ලබා ගන්න. හැකිතාක් තරඟකාරී ක්‍රිකට් ක්‍රීඩා කිරීම එංගලන්ත ක්‍රීඩකයෙකු ලෙස මට ප්‍රයෝජනවත් වේ” යනුවෙනුයි.

එමෙන්ම සිය “ප්‍රමුඛතාවය එංගලන්ත ක්‍රිකට්වලටයි” යනුවෙන් සිහිපත් කිරීමට ද ඔහු අමතක කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...