ශකිබ්, ටමිම් නැති බංග්ලාදේශයට එරෙහිව ඇෆ්ඝනිස්තානය පන්දු යැවීම තෝරා ගනියි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට මීර්පූර්හී දී ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දුන්නා.

ආබාධවලට ලක් වීම හේතුවෙන් ශකිබ් අල් හසාන් හා ටමිම් ඉක්බාල් මෙම තරගය සදහා බංග්ලාදේශය වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ අනුව ලිටොන් දාස් මෙම තරගයේ දී බංග්ලාදේශ ටෙස්ට් කණ්ඩායමට පළමු වරට නායකත්වය ලබා දෙනවා.

සාකීර් හසාන් හා මහ්මුදුල් හසාන් ජෝයිට ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරණු අතර, ටස්කින් අහ්මඩ් ද කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම තරගයේ දී ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් කරීම් ජනට් හා නිජට් මසූඩ් ටෙස්ට් වරම් දිනා ගත්තා.

සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් මෙම තරගයෙන් විවේක ගැන්වීමටයි ඇෆ්ඝනිස්තාන තේරීම් කමිටුව පියවර ගත්තේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මෙලෙස ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙකකට පමණ පසුවයි.

Bangladesh XI:

Zakir Hasan, Mahmudul Hasan Joy, Najmul Hossain Shanto, Mominul Haque, Mushfiqur Rahim, Litton Das (c & w), Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Shoriful Islam, Ebadot Hossain

Afghanistan XI:

Ibrahim Zadran, Abdul Malik, Rahmat Shah, Hashmatullah Shahidi (c), Nasir Jamal, Karim Janat, Afsar Zazai (wk), Amir Hamza, Zahir Khan, Nijat Masood, Yamin Ahmadzai

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...