ලේතම්ගේ 252 න් පසු බංග්ලාදේශය 126කට දැවී යයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(10) නිමා වුණා.

දිනය අවසන් කෙරුණේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126 කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වීමත් සමගයි.

බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 11ක්ව තිබියදී ද, පස් වැනි කඩුල්ල ලකුණු 27ක්ව තිබියදී ද බිද වැටුණා.

අනතුරුව යසීර් අලී හා නුරුල් හසාන් අතර 6 වැනි කඩුල්ල සදහා ලකුණු 60ක සබදතාවයක් ගොඩ නැගුණේ බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 100 සීමාව පසු කර යාම සදහා අවශ්‍ය පදනම සකස් කරමින්.

යසීර් අලී ලකුණු 55ක් හා නුරුල් හසාන් ලකුණු 41ක් ලබා ගත් නමුත්, වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 5ක් ද, ටිම් සවුති කඩුලු 3ක් ද, ක්යිල් ජමීසන් කඩුලු 2ක් ද දවා ගත්තා.

ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්තය සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 521ක් ලබා සිටියදීයි.

නායක ටොම් ලේතම් ලකුණු 252ක් හා ඩෙවෝන් කොන්වේ ලකුණු 109ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර දෙවන කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 215ක්.

ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 57ක් ලබා ගත් අතර, විල් යන්ග් ලකුණු 54කට දැවී ගියා. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන රෝස් ටේලර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 28ක්.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා එබඩොට් හුසේන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

බංග්ලාදේශ පළමු ඉනිම අවසන් වන විට ඔවුන් නවසීලන්තයට වඩා පිටුපසින් පසු වන ලකුණු සංඛ්‍යාව 395 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...