බට්ලර්ට අවසන් ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

එංගලන්ත කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත පස්වැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, අද(9) නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගයේ දී ඔහු ඇගිල්ලක ආබාධයකට මුහුණ දීම හේතුවෙන්.

ඒ අනුව ඔහු යළි එංගලන්තය බලා පිටත්ව යාමට ද නියමිත බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේ දී බෙන් ස්ටොක්ස් හා ජොනී බෙයාර්ස්ටව් ද ආබාධවලට ලක්වුණා.

මේ අතර, එංගලන්ත සංචිතයට සෑම් බිලින්ග්ස් කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

පස්වැනි හා අවසන් අලුබදුන ටෙස්ට් තරගය එළඹෙන සිකුරාදා හෝබාර්ට් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට ද අවසන් ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ ඔහුගේ ආබාධය මෙතෙක් සුව වී නොමැති බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...