ලකුණු 69 ක ජයකින් එංගලන්තයට එරෙහිව ඇෆ්ඝනිස්තානය ඉතිහාසයේ පළමු ජය ලබයි – Video

Date:

එංගලන්තයට එරෙහිව ඕනෑම තරග රටාවකින් ලද පළමු ජාත්‍යන්තර තරග ජය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(15) සමත් වුණා. ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් එංගලන්තය පරදා ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. මෙය ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ලැබූ දෙවැනි ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්.

දිල්ලි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 284 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 40.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215 ක් පමණයි.

හැරී බෘෘක් ලකුණු 66(61) ක් රැස් කළ අතර, ඩේවිඩ් මලාන් ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී මුජීබ් උර් රහ්මාන් ලකුණු 51 කට කඩුලු 3 ක් හා රෂීඩ් ඛාන් ලකුණු 37 කට කඩුලු 3 බිද හෙලුවා. මොහමඩ් නබී දවා ගත් කඩුලු ගණන 2ක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 114 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රහ්මනුල්ලාහ් ගුර්බාස් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් සමත් වුණා.

ගුර්බාස් ලකුණු 80 (57) ක් ලබා ගත් අතර, සඩ්‍රාන් ලකුණු 28 යි. පළමු කඩුල්ල දැවී යාමත් සමග මැද පෙල කඩුලු කිහිපයක් අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී ගිය නමුත්, සටන්කාමී ඉනිමක නිරත වූ Ikram Alikhil ලකුණු 58 (66) ක් රැස් කළා. මුජීබ් උර් රහ්මාන් ලකුණු 28(16) ක් හා රෂීඩ් ඛාන් ලකුණු 23(22) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් ලකුණු 42 කට කඩුලු 3 ක් දවා ගත්තා.

[team_standings 51865]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...