ලෝක කුසලාන තරග බිමේ ඔස්ට්‍රේලියාවට එරෙහිව දෙවැනි ජය සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද(16) පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

තරගාවලියේ 14 වැනි තරගය වන එය ලක්නව් හී දී අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට තරගාවලිය යටතේ තමන් ක්‍රීඩා කළ තරග දෙකම මෙම කණ්ඩායම් දෙකම පරාජයට පත්ව ඇති බැවින් අද තරගයේ ජයග්‍රහනය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමත් සමග මෙම තරගයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කිරීමට නියමිතයි.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ද ආබාධයක් හේතුවෙන් අද තරගය අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය වෙනුවෙන් අවම වශයෙන් වෙනස්කම් දෙකක් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු වනු ඇති.

එහිදී දසුන් වෙනුවට සංචිතයට කැදවූ චාමික කරුණාරත්න අද තරගය සදහා ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් ඇති අතර, කසුන් රාජිත ද යළි කණ්ඩායමට කැදවීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා ලෝක කුසලාන තරගාවලියන් හී දී තරග 10 ක් පවත්වා ඇතත්, ශ්‍රී ලංකාව ඉන් ජය ගෙන ඇත්තේ 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පමණයි. සෙසු තරග 9 න් තරග 8 ක් ඔස්ට්‍රේලියාව ජය ගත්තා. එක් තරගයක් ප්‍රතිපලයකින් තොරවයි අවසන් වුණේ. (මීට අමතරව 1996 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගයෙන් ශ්‍රී ලංකාවට නිතරග ජයක් හිමිවුණා.)

අද තරගය පැවැත්වෙන ලක්නව් ප්‍රදේශයට දැඩි උණුසුම් කාළගුණයක් පවතින අතර, කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම බොහෝ විට පළමුව පන්දුවට පහර දීමට ඉඩ පවතිනවා.

ලක්නව් ක්‍රීඩාංගනයේ රාත්‍රී කාලයේ දී පන්දු යැවීමේ දී යම් අමතර වාසියක් පැවතීම ද මෙම තීරණය ගැනීමට හේතු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...