ලකුණු 4 කින් ශ්‍රී ලංකාව පරදා තරගාවලියේ ජය එංගලන්තය හිමි කර ගනියි

Date:

සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම සමත් වුණා.

ඒ, වර්ෂාවෙන් බාධා එල්ල වූ තෙවැනි එක්දින තරගයෙන් එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

Hove හි පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 45 කට සීමා වූ අතර, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 45 ක් තුළ ජයග්‍රහනය සදහා ලකුණු 265 ක ඉලක්කයක් හිමි වූ නමුත්, පන්දුවාර 44.4 අවසානයේ දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 260 ක් පමණයි.

ගයන වීරසිංහ පන්දු 76 කින් ලකුණු 80 ක් ලබා ගත් අතර, මහිත් පෙරේරා ලකුණු 53(54) කට දුවද්දී දැවී යාමත් සමග තරගයේ පාලනය එංගලන්තය දෙසට නතු වුණා. ආරම්භක පිතිකරු පුලිදු පෙරේරා ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී Harry Moore හා Freddie McCann කඩුලු 2 බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් නායක Luc Benkenstein ලකුණු 102 ක් ලබා ගත්තේ පන්දු 99 කින්. Charlie Allison ලකුණු 87 යි.

පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත් අතර, දිනුර කලුපහන ලකුණු 58 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...