බෙරිල් සුළි කුණාටුව නිසා කොදෙව් ප්‍රබලයින් දෙදෙනෙකුටත් අකරතැබ්බයක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ශමාර් ජෝසප් හා වමත් දග පන්දු යවන ක්‍රීඩක ගුඩකේෂ් මෝති කොදෙව් ටෙස්ට් සංචිතය සමග එංගලන්තයේ දී එක්වීම ප්‍රමාද වී තිබෙනවා.

ඒ, ගයානා සිට ඔවුන් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානය බෙරිල් සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කිරීමට සිදුව තිබීම හේතුවෙන්.

ඒ අනුව බදාදා දිනයේ දී ආරම්භ වූ තෙදින පුහුණු තරගය සදහා කොදෙව්වන් නියෝජනය කිරීමේ අවස්ථාව එම ක්‍රීඩකයින් දෙදෙනාට අහිමි වුණා.

මෝති බදාදා පස්වරු කාලයේ දී ලන්ඩන් නුවරට පැමිණ ඇති බවත්, ශමාර් ජෝසප් සිකුරාදා දිනයේ දී එංගලන්තයට පැමිණීමට නියමිතව ඇති බවත් සදහන්.

ඒ අනුව ජූලි 10 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත කොදෙව්-එංගලන්ත පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට හිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...