ඉසුරුගේ හා සහන්ගේ තුන් ඉරියව් දක්ෂතා ගාල්ලට තියුණු ජයක් හිමි කර දෙයි

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු හතක ජයක් වාර්තා කිරීමට  ගෝල් මාර්වල්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 179 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

දුනිත් වෙල්ලාලගේ පන්දු 26 කින් ලකුණු 45 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ. හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 29(17) ක් හා ග්ලේන් පිලිප්ස් ලකුණු 26(18) ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ, ඉසුරු උදාන හා සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ගාලු කණ්ඩායම වෙනුවෙන් නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 18 කින් ලකුණු 50 ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 6 ක් සමගින්.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 94 දී බිද වැටුණු පසුබිමක ඉසුරු උදාන පන්දු 34 කින් ලකුණු 52 ක් ලබා ගනිමින් ගාලු ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. ඉසුරුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ ලකුණු 35 ක් රැස් කිරීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 79 (51) ක්.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 21 කට කඩුලු 4 ක් දවා ගත් අතර, බිනුර ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...