කුසල්ගේ සුපිරි ශතකය අපතේ යයි – අවිශ්කගේ හා අසලංකගේ සුපිරි ප්‍රහාරය කිංග්ස් පිලට ජය ගෙනෙයි

Date:

කුසල් පෙරේරාගේ විශිෂ්ඨ ශතකය අපතේ යවමින් අවිශ්ක ප්‍රනාන්දුගේ හා චරිත් අසලංකගේ අනර්ඝ අර්ධ ශතක හමුවේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 191 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පැතුම් නිස්සංක ලකුණු 27 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 6කටත්, රයිලි රොසෝව් එක් ලකුණකටත් දැවී ගියා. කෙසේ වෙතත්, වේගවත් පිතිහරඹයක නිරත වූ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 34 ක් පමණක් වැය කරමින් ලකුණු 80 ක් ලබා ගැනීම කැපී පෙනුණා. හයේ පහර 6ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නායක චරිත් අසලංක ලකුණු 50 ක් ලබා ගත්තේ පන්දු 36 කින් හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර ලකුණු 34 කට කඩුලු 2 ක් හා මුස්ටර්ෆිසුර් රහ්මාන් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල පිල වෙනුවෙන් කුසල් පෙරේරා පන්දු 52 කින් ලකුණු 102 ක් නොදැවී රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහර 10 ක් සමගින්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 9කටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු 40 කටත් දැවී ගියා. මර්ක් චැප්මන් පන්දු 23 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 33 ක්.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා ලකුණු 25 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...