ලකුණු 281 ක ජයකින් නවසීලන්තය WTC පෙරමුණට

Date:

අත්දැකීම් නොමැති නවක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 281 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද(7) සමත් වුණා.

Mount Maunganui හී දී පැවැති තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී ලකුණු 529 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවට තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 247 ක් පමණයි.

David Bedingham ලකුණු 87 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ක්යිල් ජමීසන් කඩුලු 4 ක් හා මිචෙල් සැන්ට්නර් කඩුලු තුනක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 511 ක් රැස් කරමින් පළමු ඉනිමේ දී ම තරගයේ පාලනය සියතට ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත්තේ ලකුණු 162 ක් පමණයි.

අනතුරුව නවසීලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍ර ලකුණු 240 ක් හා කේන් විලියම්සන් ලකුණු 118 ක් ලබා ගත්තා. විලියම්සන් දෙවැනි ඉනිමේ දී ද ලකුණු 109 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවැනි හා අවසන් තරගය එළඹෙන 13 වැනිදා හැමිල්ටන් හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, අද දිනයේ දී ලැබූ ජයත් සමග අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත් වීමට ද නවසීලන්තයට හැකි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...