ඉතිහාසය වෙනස් කරමින් බුම්රා ලෝකෙන්ම එක වෙයි – ජයසූරියත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා නවතම ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය දක්වා පියවර තුනකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 91 කට කඩුලු 9 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඉන්දීය වේග පන්දු යවන්නෙකු ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පත් වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මෙතෙක් ටෙස්ට් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ පසු වූ රවිචන්ද්‍රන් අශ්වින්ට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩා ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති ටෙස්ට් තරගයේ දී කඩුලු 8 ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ප්‍රභාත් මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන් අතර රැදී සිටියේ 9 වැනි ස්ථානයේයි.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු 34 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණීමට ද සමත්ව තිබෙනවා.

ටෙස්ට් පිතිකරුවන් අතර 9 වැනි ස්ථානය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර, දිනේෂ් චන්දිමාල් 23 වැනි ස්ථානයේත්, ඇන්ජෙලෝ මැතිව්ස් 24 වැනි ස්ථානයේත් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...