Watch : පිටියේ විනිසුරුවරියට තමා දුන් තීන්දුවම අමතක වූ හැටි

Date:

සංචාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම හා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 84 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(7) සමත් වුණා.

North Sydney හි පැවැති තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 45 කට සීමා කිරීමට සිදු වූ අතර, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 229 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 29.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 149 ක් පමණයි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිතිකරණයේ දී Marizanne Kapp ලකුණු 75 ක් ලබා ගත් අතර, ලකුණු 12 කට කඩුලු 3ක් දවා ගැනීමට ද ඇය සමත් වුණා.

මෙය දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු එක්දින ජාත්‍යන්තර තරග ජය වීම කැපී පෙනෙනවා.

මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම තරග 3කින් යුත් එක්දින තරගාවලියේ සම මට්ටමේ පසුවනවා.

මේ අතර, මෙම තරගයේ දී විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ තෙවන විනිසුරු විසින් පිටියේ විනිසුරුවරිය ලබා දුන් තීන්දුවක් යළි සනාථ කළ අවස්ථාවක, පිටියේ විනිසුරුවරිය විසින් එය වැරැදි ලෙස සංඥා කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...