ලක්මාල්ගෙන් කඩුලු 4ක් ; ඩර්බිෂයර් කණ්ඩායමට ඉනිමක ජයක්

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ලෙස්ටර්ෂයර් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඉනිමක හා ලකුණු 68ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ක්‍රීඩා කරන ඩර්බිෂයර් කණ්ඩායම අද(24) සමත් වුණා.

මෙම තරගයේ දී කඩුලු 4ක් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වීම ද විශේෂත්වයක්.

ලෙස්ටර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලෙස්ටර්ෂයර් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තා.(දර්ශන පහතින්)

පිළිතුරු ලෙස ඩර්බිෂයර් කණ්ඩායම ශාන් මසූඩ් වාර්තා කළ ලකුණු 219ක් ශක්තිමත් වෙමින් පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 531ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ලෙස්ටර්ෂයර් කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි.

පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් ලකුණු 57කට කඩුලු 2ක් බිද හෙලුවා.(දර්ශන පහතින්)

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ ලකුණු 9ක් ලබා සිටි Ed Barnes හා ලකුණු 54ක් ලබා සිටි Louis Kimber.

Louis Kimber.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...