Watch : දිමුත්ගේ දෙවැනි ඉනිම නැවතූ සුපිරි පන්දුව

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන යෝක්ෂයර් හා නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම් අතර තරගයේ අවසන් දිනය අදයි(24).

නෝර්ත්හැම්ප්ටන් හී දී පැවැත්වෙන තරගයේ තෙවන දිනයට තරගය ඊයේ නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 499ක ඉලක්කයක් හඹා යමින් සිටි නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම කඩුලු කිසිවක් නොදැවී ලකුණු 56ක් ලබා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් යෝක්ෂයර් කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 296ක් රැස් කළා.

පිළිතුරු ලෙස නෝර්ත්හැම්ප්ටන්ෂයර් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204ක් පමණයි.

අනතුරුව සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දැවී ලකුණු 406ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට යෝක්ෂයර් කණ්ඩායම තීරණය කළා.

පළමු ඉනිමේ දී ලකුණු 13කට දැවී ගිය දිමුත් යෝක්ෂයර් දෙවැනි ඉනිමේ දී ලකුණු 36කට දැවී ගියා.

පන්දු 54කින් වාර්තා වූ දිමුත් කරුණාරත්නගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...