Watch : ඉෂාන් කිෂන් ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම දැවී යාමකට ගොදුරු වූ හැටි

Date:

ක්‍රිකට් පිටියේ දී ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන ආකාරයේ දැවීයාමක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන්ට අද(24) උදා වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයේ දී යි.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රියේ මෙම තරගය ආරම්භ වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ලක්නව් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. ඒ, නායක කේ.එල් රාහුල් වාර්තා කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී මුම්බායි ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉෂාන් කිෂන් ලකුණු 8කට දැවී ගියා. ඒ සදහා ඔහු පන්දු 20ක් වැය කිරීම ද කැපී පෙනුණා.

රවී බිෂ්නෝයි යොමු කළ පන්දුවක් හමුවේ ඉෂාන් කිෂන් දැවී ගියේ ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජේසන් හෝල්ඩර් අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

කිෂන්ගේ පිත්තේ වැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක ක්වෙන්ටන් ඩී කොක්ගේ සපත්තුවේ වැදීමෙන් පසුවයි පන්දුව ස්ලිප් ක්‍රීඩකයා දෙසට ඇදී ගියේ.

ඉතා පහසු උඩ පන්දුවක් වුවද එය ජේසන් හෝල්ඩර් විසින් යම් අපහසුවකින් රැක ගැනීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...