රෝස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

Date:

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක රෝස් ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව තමා නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන දේශීය තරග වාරයෙන් පසුව ජාත්‍යන්තර පිටියට සමු දෙන බවයි ඔහු සදහන් කළේ.

මේ වන විට 37 වන වියේ පසුවන ටේලර් 2006 වසරේ දී යි ජාත්‍යන්තර පිටියට පිවිසුණේ.

ටෙස්ට් තරග 110කට ක්‍රීඩා කර ඇති රෝස් ටේලර් එහිදී ලකුණු 7,585 ක් රැස් කර ඇති අතර, ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගාවලිය වන්නේ එළඹෙන පළමු වැනිදා බංග්ලාදේශයට එරෙහිව ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියයි.

ඒ අනුව ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු ලෙස ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට නියමිතයි. මේ වන විට නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇත්තේ ඩැනියල් විටෝරි. ඔහු ද ටෙස්ට් තරග 112ක් ක්‍රීඩා කර ඇති බැවින් රෝස් ටේලර් ජාත්‍යන්තර පිටියට සමු දෙන විට විටෝරි හා ටේලර් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් ලෙස සම තත්ත්වයේ පසුවනු ඇති.

නවසීලන්ත කණ්ඩායම, ඔස්ට්‍රේලියාවට හා නෙදර්ලන්තයට එරෙහිව මෙම තරග වාරයේ දී එක්දින තරග 6ක් ක්‍රීඩා කිරීමට ද නියමිතව ඇති අතර, ඉන් පසුව ටේලර් සිය 16 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට නියමිතයි.

නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 233ක් ක්‍රීඩා කර ඇති ටේලර් එහිදී ලකුණු 8,576ක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට්, එක්දින හා 20යි 20 යන තරග රටා ත්‍රිත්වයෙන්ම ජාත්‍යන්තර තරග 100 බැගින් ක්‍රීඩා කළ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ ඔහුයි.

එමෙන්ම නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් හා එක්දින ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර ඇති පිතිකරුවා වන ටේලර් නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ද වනවා.

ජාත්‍යන්තර තරග 445ක් ක්‍රීඩා කර ඇති ඔහු ඉතිහාසයට එක්ව ඇත්තේ නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...