එංගලන්ත පුහුණුකරුට සිව්වන ටෙස්ට් තරගයට අවසර නැහැ

Date:

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට දින 10 ක කාලයක් මෙල්බර්න් නුවර හුදකලාව සිටීමට නියම කර තිබීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ නිරත එංගලන්ත සංචිතය සමග රැදී සිටින පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීම නිසා මෙලෙස ඔවුන්ට හුදකලා වීමට සිදුව තිබෙනවා.

ඒ අනුව ලබන 5 වැනිදා සිඩ්නිහී දී ආරම්භ වන සිව්වන ටෙස්ට් තරගය සදහා එක්වීමට ක්‍රිස් සිල්වර්වුඩ්ට අවස්ථාව හිමි වන්නේ නැහැ.

පසුගිය 27 වනදා සිට මේ දක්වා සිදු කර ඇති කොවිඩ් 19 පරීක්ෂණවලට අනුව මේ වන විට එංගලන්ත සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අතරට සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු හා පවුල් සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළත්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරග තුනම පරාජයට පත් වූ එංගලන්ත කණ්ඩායම මේ වන විටත් අලුබදුන ටෙස්ට් තරගාවලිය පරාජයට පත්ව අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...