අලුබදුන තරග තීරකටත් කොවිඩ් 19 ආසාදනය වෙයි

Date:

අයි.සී.සී තරග තීරක ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් බූන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට ලබන 5 වැනිදා සිඩ්නි හී දී ආරම්භ වන සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා එක්වීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු වෙනුවට ස්ටීව් බර්නාඩ් සිව්වන තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ඩේවිඩ් බූන්ට දෙරට අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයට එක්වීමේ අවස්ථාව හිමි වනු ඇති බවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරනවා.

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට ද ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයට සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...