යොවුන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අද

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(30) පැවැත්වෙනවා.

පළමු අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදින්නේ පාකිස්තාන යොවුන් කණ්ඩායම සමගයි.

එම තරගය ඩුබායිහි අයි.සී.සී ඇකඩමි ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පෙරවරු 11ට ආරම්භ වීමට නියමිතයි.

දෙවන අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව ඉන්දීය යොවුන් කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබෙනවා.

එම තරගය ද පෙරවරු 11ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මූලික වටයේ දී පාකිස්තාන කණ්ඩායම ‘A’ කාණ්ඩයෙන් පළමු ස්ථානය හිමි කර ගත් අතර, ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

‘B’ කාණ්ඩයේ පෙරමුණ බංග්ලාදේශයට හිමි වූ අතර, ‘A’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි වූයේ ඉන්දියාවටයි.

සිය කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම දක්වන දක්ෂතා හේතුවෙන් අවසන් පූර්ව තරගය ද ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පවතින බවයි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ සදහන් කළේ.

“අපේ පිතිකරුවන් ශතක ලබා ගනිමින් විශිෂ්ඨ දක්ෂතා අතර සිටිනවා වගේම වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ප්‍රමුඛ අපේ පන්දු යවන්නන් හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා.” යනුවෙන් ඔහු කියා සිටියා.

“ඉතිං අපි කණ්ඩායමක් ලෙස හොදින් කටයුතු කරලා තියෙනවා. අපි උත්හාස කරනවා අඛණ්ඩව හොද දක්ෂතාවයක් දක්වන්න.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...