ඇන්ඩර්සන් පළමු 5 දෙනා අතරට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.

ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3කින් ඔහු එලෙස ඉදිරියට පැමිණ ඇත්තේ අලුබදුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය හේතුවෙන්.

අදාළ තරගයේ දෙවැනි ඉනිමේ දී කඩුලු 6ක් දවා ගනිමින් සිය මංගල ටෙස්ට් තරගයේ දී කඩුලු 7ක් දවා ගත් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 74 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර,  තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් සමත්ව තිබීම ද කැපී පෙනෙනවා.

ඒ, මෙතෙක් 5 වැනි ස්ථානයේ පසු වූ එංගලන්තයේ බෙන් ස්ටොක්ස් 6 වැනි ස්ථානයට පත් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...