ඇමෙරිකා – අයර්ලන්ත එක්දින තරගාවලිය අවලංගු කෙරේ

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ක්‍රිකට් තරගාවලිය අවලංගු කර තිබෙනවා.

ඒ, කොවිඩ් 19 රෝගයෙන් තරගාවලියට එල්ල වී ඇති සියලු බලපෑම් සැලකිල්ලට ගනිමින්.

මේ වන විට අයර්ලන්ත කණ්ඩායමේ සහාය කාර්යය මණඩල සාමාජිකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබෙනවා.

අයර්ලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති අතර, ඔවුන් එළඹෙන 31 වනදා ෆ්ලොරිඩා සිට ජැමයිකාව දක්වා ගමන් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වූවන් දෙදෙනා හුදකලාව පසුවිය යුතු කාලසීමාව අවසන් වන තුරු ෆ්ලොරිඩාහි රැදී සිටිනු ඇති.

අයර්ලන්ත කණ්ඩායමේ අමෙරිකානු තරග සංචාරය ඉතිහාසයට එක් වුණේ ටෙස්ට් වරම් හිමි රටක් ඇමෙරිකාව සමග ද්විපාර්ශ්වික තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එරටට පැමිණි පළමු අවස්ථාව ලෙසයි.

දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ අතර, පළමු එක්දින තරගය විනිසුරුවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අවලංගු කෙරුණා.

අනතුරුව 28 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය අද(29) දක්වා කල් දැමීමට පියවර ගත්තේ ක්‍රීඩකයින් හා සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් අතරින් කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හදුනා ගැනීම හේතුවෙන්.

කෙසේ වෙතත්, සමස්ත තරගාවලියම අවලංගු කිරීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...