දකුණු අප්‍රිකාව ජයග්‍රහනයට ලකුණු 211ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(29) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 305ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 94ක්.

සිය 18 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ඩීන් එල්ගර් නොදැවී ලකුණු 52යි.

ඒ අනුව දකුණු අප්‍රිකාව තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 211ක් ලබා ගත යුතු අතර, ඉන්දියාව තරගය ජය ගැනීම සදහා තවත් කඩුලු 6ක් දවා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා සිටි අතර, ඉන්දීය කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 174කට සීමා කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වුණා.

රිෂාබ් පාන්ට් ලකුණු 34ක්, කේ.එල් රාහුල් ලකුණු 23ක් හා අජින්කෙයා රහානේ ලකුණු 20ක් රැස් කළා. නායක විරාට් කෝලි ලකුණු 18කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් මර්කෝ ජන්සෙන් කඩුලු 4 බැගින් දවා ගත් අතර, ලුන්ගි එන්ගිඩී කඩුලු 2ක් බිද හෙලුවා.

සෙන්චූරියන්හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 327ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලබා ගත්තේ ලකුණු 197ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...