රාහුල්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි; ආදේශක පිතිකරුවාත් නම් කෙරේ

Date:

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා තරගාවලිය වෙනුවෙන් සූදානම් වීමේ අරමුණින් කේ.එල් රාහුල් සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී පුනරුත්තාපන කටයුතු සදහා එක් වීමට නියමිතයි.

ඒ අනුව ඔහු වෙනුවට සූර්යකුමාර් යාදෙව් සංචිතයට කැදවීමටයි ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 25 වනදා කන්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s Test squad:

Ajinkya Rahane (Captain), Mayank Agarwal, Cheteshwar Pujara (vice-captain), Shubman Gill, Shreyas Iyer, Suryakumar Yadav, Wriddhiman Saha (wicket-keeper), KS Bharat (wicket-keeper), Ravindra Jadeja, R. Ashwin, Axar Patel, Jayant Yadav, Ishant Sharma, Umesh Yadav, Md. Siraj, Prasidh Krishna

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...