කොදෙව් පළමු ඉනිම 230කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි(24).

වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් තරගය අද දිනය සදහා ආරම්භ වුණේ නියමිත වේලාවට වඩා පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි.

දිනය ආරම්භ කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 230කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

ඒ, කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ෂැනොන් ගේබ්‍රියල්ගේ (ලකුණු 2) කඩුල්ල දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත්වීමත් සමගයි.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 15යි. කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 41ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20ක් ලබා ගත්තා.

ක්යිල් මේයර්ස් ලකුණු 45කටත්, ජේසන් හෝල්ඩර් ලකුණු 36කටත් දැවී ගිය අතර, රකීම් කෝන්වෝල් ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40කට කඩුලු 4ක් හා රමේෂ් මෙන්ඩිස් ලකුණු 75කට කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 386ක් රැස් කළා.

ඒ අනුව කොදෙව් පළමු ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 156ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...