යුස්වේන්ද්‍ර චෙහල් IPL ඉතිහාසය වෙනස් කරයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ දී කඩුලු 200 ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චෙහල් අද(22) සමත් වුණා.

ජායිපූර් හී දී ආරම්භ වූ මෙවර අයි.පී.එල් තරගාවලියේ 38 වැනි තරගයේ දී ඔහු මෙම කඩඉමට ළගා වුණේ මුම්බායි ඉන්දියන්ස් පිතිකරු මොහමඩ් නබීගේ කඩුල්ල දවා ගනිමින්.

ඩ්වේයන් බ්‍රාවෝ අභිබවා යමින් යුස්වේන්ද්‍ර චෙහල් අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණේ පසුගිය තරග වාරයේ දී යි.

සිය 153 වැනි අයි.පී.එල් තරගයේ දී චෙහල් සිය කඩුලු 200 සම්පූර්ණ කළ අතර, අද තරගයේ දී ඔහු සිය පන්දුවාර 4 තුළ කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 48 ක් ලබා දෙමින්.

චෙහල් පළමු වරට අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වුණේ 2011 වසරේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගයි. නමුත් ඔහු අයි.පී.එල් වරම් හිමි කර ගත්තේ 2013 වසරේ දී යි.

පසුව 2014 වසරේ දී චෙහල් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමග ගිවිසුම්ගත වූ අතර, 2021 වසර දක්වා ඔහු බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 113 ක්. එහිදී ඔහු කඩුලු 139 ක් දවා ගැනීමට සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් යුස්වේන්ද්‍ර චෙහල් සිය සංචිතයට මිලදී ගත්තේ 2022 අදියර සදහා වූ ක්‍රීඩක වෙන්දේසියේදී යි. ඒ, ඉන්දීය රුපියල් කෝටි 6.5 ක මුදලකටයි.

වැඩිම අයි.පී.එල් කඩුලුලාභීන් –

espncricinfo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...