විනය විරෝධීව හැසිරුණු විරාත් කෝලිට වැඩ වරදියි

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ පිතිකරු විරාත් කෝලිට තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

2024 අයි.පී.එල් තරගාවලියේ 36 වැනි තරගයේ දී විනය විරෝධී ලෙස හැසිරෙමින් විනිසුරු තීරණයකට දැඩි ලෙස විරෝධය පල කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩ පැනවීම සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ තරගයේ දී විරාත් කෝලි ලකුණු 18 ක් ලබා සිටියදී දැවී ගියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හර්ෂිත් රානා යොමු කළ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩ පන්දුවක් ලබා දෙමින්.

වේගය අඩාල කර යොමු කළ අදාළ පන්දුවට කෝලි පහර දුන්නේ සීමා ඉරෙන් තරමක් ඉදිරියට පැමිණ සිටිමින්. තණතීරුවේ පතිත නොවී ඇදී ආ එම පන්දුව ඉනට ඉහළින් ඇදී ආ පන්දුවක් විය යුතු බවට ද කෝලි විසින් දැඩි ලෙස විශ්වාස කළා.

ඒ අනුව එය නිපන්දුවක් විය යුතු බවට අනුමාන කළ ඔහු විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම දැවී යාම අභියෝගයට ලක් කිරීමට ද කඩිනමන් පියවර ගැනීම කැපී පෙනුණා. ඒ, එවැනි පන්දුවක් නිපන්දුවක්දැයි තහවුරු කර ගැනීමට පිටියේ විනිසුරුවන් එය තෙවන විනිසුරුට යොමු කිරීම සාමාන්‍යයෙන් සිදු කරන පසුබිමක් තුළයි.

Hawk-Eye තාක්ෂණය (ball tracking techonology) ද යොදා ගනිමින් තෙවන විනිසුරු විසින් අදාළ පන්දුව නිපන්දුවක් දැයි පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු තීරණය කළේ එය නිපන්දුවක් නොවන බවයි.

පැහැදිලිවම එය විරාත් කෝලිගේ ඉනට පහළින් (ඔහු සීමා ඉරේ රැදී සිටියේනම්) ඇදී යන පන්දුවක් බවයි Hawk-Eye තාක්ෂණයෙන් තහවුරු වුණේ.

ඒ අනුව විරාත් කෝලි දැවී ගිය අයෙකු ලෙස නම් කෙරුණු අතර, පසුව එම තීරණයට දැඩි ලෙස විරෝධය පල කිරීමට කෝලි හා අනෙක් අන්තයේ රැදී සිටි නායක ෆෆ් ඩු ප්ලෙසිස් කටයුතු කරනු දක්නට ලැබුණා.

කෝලි දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...