තුෂාරගේ මංගල IPL තරගයෙන් MI පරදිද්දී ජයිස්වාල් හා සන්දීප් රාජස්ථානයට 7 වැනි ජයත් හිමි කර දෙයි

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට අයි.පී.එල් වරම් හිමි කර දෙමින් පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 38 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සදුදා (22) රාත්‍රියේ සමත් වුණා.

ජායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 179 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් ක්‍රීඩකයින් ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

මෙම තරගයේ දී මුම්බායි පන්දු රකින්නන්ගේ පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක්ම ඔවුන් අතින් ගිලිහී ගියා. ඉන් උපරිම ප්‍රයෝජන ගත් රාජස්ථාන් කණ්ඩායම මෙවර තරග වාරයේ දී තමන් ලැබූ 7 වැනි ජයග්‍රහනය ද (තරග 8කින්) වාර්තා කළ අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය ද තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඔවුන් සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

රාජස්ථාන් ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් පන්දු 60 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. හයේ පහර 7ක් හා හතරේ පහර 9 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ජොස් බට්ලර් ලකුණු 35 කට දැවී ගිය අතර, සංජු සැම්සන් නොදැවී ලකුණු 38 යි.

පන්දු යැවීමේ දී පියුෂ් චවුලා ලකුණු 33 කට කඩුල්ලක් දවා ගත්තා. නුවන් තුෂාර මෙම තරගයේ දී පන්දුවාර 3ක් යොමු කළ අතර, එහිදී ප්‍රතිවාදීන් ලකුණු 28 ක් රැස් කළා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් තිලක් වර්මා ලකුණු 65(45) ක් හා නෙහාල් වදේරා ලකුණු 49(24) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සන්දීප් ෂර්මා ලකුණු 18 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...