ඔස්ට්‍රේලියානු ප්‍රබලයෙක් ​IPL තරගාවලියෙන් ඉවතට

Date:

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම වෙනුවෙන් යළි ඉන්දියාවට නොපැමිණෙන බව කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් පවසනවා.

ඔහු තවදුරටත් සිය දකුණු පාදයේ ආබාධ තත්ත්වයෙන් සුවය ලබමින් සිටින බැවින් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග ද අහිමි වන බවයි පොන්ටින් මාධ්‍ය හමුවේ කියා සිටියේ.

මිචෙල් මාෂ් 2024 අදියරේ දී තරග 4ක් පමණක් ක්‍රීඩා කළ අතර, එහිදී ඉනිම් තුනකදී ලකුණු 61 ක් රැස් කළා. පන්දුවාර 8ක් යොමු කළ ඔහු දවා ගත්තේ එක් කඩුල්ලක් පමණයි.

තරග 4ක් ක්‍රීඩා කිරීමෙන් පසුව දකුණු පාදයේ සිදු වූ ආබාධය හේතුවෙන් හේතුවෙන් ඔහු යළි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහායි.

ඔහු තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රදවා ගනිමින් ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල ඔහුව නිරත කිරීමට එරට ක්‍රිකට් ආයතනය අපේක්ෂාවෙන් පසුවන බව සදහන්.

ජූනි මාසයේ දී පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ආරම්භ වීමට නියමිතව ඇති අතර, එම තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ද නියමිතව සිටින්නේ මිචෙල් මාෂ්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...