මෝර්ගන් සහ පන්දු යවන්නන් කොල්කටාව අවසන් ස්ථානයෙන් ඉහළට ඔසවයි – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 123ක් පමණයි.

මයාන්ක් අගාර්වල් ලකුණු 31ක් ලබා ගත් අතර, ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 30ක් ලබා ගත්තා.

නායක කේ.එල් රාහුල් සහ නිකලස් පූරාන් ලකුණු 19 බැගින් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 3ක් දවා ගනිද්දී පැට් කමින්ස් සහ සුනිල් නාරායන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ලකුණු 124ක ඉලක්කයක් හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 16.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(126/5)

ඔවුන්ගේ ඉනිමේ කඩුලු 3ක් ලකුණු 17ක්ව තිබියදී බිද වැටුණු නමුත් අනතුරුව සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබදතාවයක් ගොඩ නැගීමට ඔයින් මෝර්ගන් සහ රාහුල් ත්‍රිපාති සමත් වුණා.

ත්‍රිපාති ලකුණු 41කට දැවී ගිය අතර, නායක මෝර්ගන් නොදැවී ලකුණු 47 රැස් කරමින් කොල්කටා කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වූ කොල්කටා කණ්ඩායම මෙම ජයග්‍රහනයත් සමග 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ ක්‍රීඩා කළ තරග 6න් තරග 2ක් ජය ගනිමින්.

තරග 6න් තරග 2ක් ජය ගත් පංජාබ් කණ්ඩායම 6 වන ස්ථානයේ රැදී සිටිනවා.

IPL T20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...