පාකිස්තානයට එරෙහි සිම්බාබ්වේ සංචිතයට නවකයින් 5ක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන සිම්බාබ්වේ සංචිතය අද(26) ප්‍රකාශයට පත් කෙරුණා.

ශෝන් විලියම්ස්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Luke Jongwe, Richard Ngarava, Roy Kaia, Milton Shumba සහ Tanaka Chivanga යන ක්‍රීඩකයින් ද සංචිතයට නම් කර තිබෙනවා.

2017 වසරේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇති Tendai Chisoro ද සංචියට කැදවා ඇති අතර, සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඇෆ්ඝනිස්තානයට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ බ්‍රෙන්ඩන් ටේලර් ද මෙම තරගාවලිය සදහා කැදවා ඇති බවයි සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත්, ආබාධයක් හේතුවෙන් ක්‍රෙයිග් අර්වින්ට පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති අතර, අසනීප තත්ත්වයෙන් පසු වූ සිකන්ඩා රාසා තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් මෙම තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතයි.

සිම්බාබ්වේ සංචිතය –

Sean Williams (c), Regis Chakabva, Tendai Chisoro, Tanaka Chivanga, Luke Jongwe, Roy Kaia, Kevin Kasuza, Wellington Masakadza, Prince Masvaure, Tarisai Musakanda, Blessing Muzarabani, Richard Ngarava, Victor Nyauchi, Milton Shumba, Brendan Taylor, Donald Tiripano

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...