මේයර්ස්ගේ ප්‍රහාරය හා වුඩ්ගේ කඩුලු 5 හමුවේ සුපර් ජයන්ට්ස් පිලට දැවැන්ත ජයක්

Date:

ක්යල් මේයර්ස්ගේ විශිෂ්ඨ ඉනිම හා මාර්ක් වුඩ්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ලක්නව් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 193 ක් ලබා ගත්තා.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ක්යල් මේයර්ස් පන්දු 38 කින් ලකුණු 73 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 2ක් සමගින්. නිකලස් පූරාන් පන්දු 21 කින් ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කලීල් අහ්මඩ් ලකුණු 30 කට කඩුලු 2 ක් හා චේතන් සාකරියා ලකුණු 53 කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

ඩේවිඩ් වෝනර් පන්දු 48 කින් ලකුණු 56 ක් රැස් කළේ හතරේ පහර 7 ක් ද සමගින්.රයිලී රොසෝව් ලකුණු 30 යි.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 14 ක් පමණක් ලබා දෙමින්. අවේශ් ඛාන් හා රවී බිෂ්නෝයි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...