Watch : චැඩ් බවුස් දවා ගැනීමට ඩිල්ෂාන් යැවූ සුපිරි පන්දුව

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මෙරට ‌වේලාවෙන් අද (2) පෙරවරු 6.30ට ඔක්ලන්ඩ් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා පන්දු 45 කින් නොදැවී ලකුණු 53 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත් වුණා. 2021 වසරේ නොවැම්බර් මාසයෙන් පසුවයි ඔහු මෙලෙස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ.

චරිත් අසලංක පන්දු 41 කින් වේගවත් ලකුණු 61 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 25 යි. පන්දු යැවීමේ දී ජේම්ස් නීෂම් ලකුණු 30 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 3 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එම කඩුලු දෙක අතරින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණේ චැඩ් බවුස් දවා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක යොමු කළ පන්දුවයි.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ. (දර්ශන කිහිපයක් පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...