“මේක මට විතරක් නෙවෙයි මගේ රටට සහ ජනතාවට ඉතා විශේෂ අවස්ථාවක්” : නයිබ්

Date:

“දෙවියන්ට ස්තූතියි අපි අවසානයේ ඕස්ට්‍රේලියාව පරාජය කළා.” යනුවෙන් මෙලෙස සදහන් කළේ ඇෆ්ඝනිස්තාන ක්‍රීඩක ගුල්බදීන් නයිබ්.

ඒ, මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 21 ක ඓතිහාසික ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති සම්මාන ප්‍රදානෝත්සවයේ දී යි. මෙය ඔස්ට්‍රේලියාව පරදා ඇෆ්ඝනිස්තානය ලැබූ පළමු ජාත්‍යන්තර තරග ජයග්‍රහනයයි.

Kingstown හි පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්ථානය කඩුලු 6 ක් දැවී ලකුණු 148 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127 ක් පමණයි.

පිතිකරණයේ දී රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 60 ක් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 51 ක් රැස් කරමින් ඇෆ්ඝනිස්තානයට සුපිරි ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට පන්දුවාර 15.5 ක් තුළ ලකුණු 118 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

ඇෆ්ඝනිස්තානය ජයග්‍රහනය කරා රැගෙන යාම සදහා පන්දු යැවීමෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේ ගුල්බදීන් නයිබ්. ඔහු සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 20 කට කඩුලු 4 ක් දවා ගත්තා.

මර්කස් ස්ටොයිනිස්, ටිම් ඩේවිඩ්, ග්ලේන් මැක්ස්වෙල් හා පැට් කමින්ස්ගේ කඩුලු දවා ගත් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

“අපි බොහෝ කාලයක් මේ වෙනුවෙන් බලා සිටියා.” යනුවෙන් ගුල්බදීන් නයිබ් පවසා සිටියා.

“එය මට පමණක් නොවෙයි මගේ රටට සහ මගේ ජනතාවට ඉතා විශේෂ අවස්ථාවක්. එය අපේ ක්‍රිකට් ලැබූ විශාල ජයග්‍රහණයක්. මට කියන්න වචන නැහැ, නමුත් අපගේ ක්‍රිකට් ජීවිතයට සහ ක්‍රිකට් ගමනට සහාය දෙන රසිකයන්ට ස්තූතියි. ඒක නියම ටීම් වර්ක් එකක්, අපි පහුගිය මාස දෙකේ මහන්සි වෙලා වැඩ කළා, ප්‍රතිඵලය ඔබ ඉදිරියේ තියෙනවා.”

“දෙවියන්ට ස්තූතියි අපි අවසානයේ ඕස්ට්‍රේලියාව පරාජය කළා. එය ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ජයග්‍රහණයක්. අපේ ක්‍රිකට් ඉතිහාසය බැලුවොත් ඒක ගොඩක් ලොකු දෙයක් නෙවෙයි. පසුගිය වසර 10 තුළ අපි බොහෝ ඉලක්ක ජය ගත්තා. මේක ලොකු ජයග්‍රහණයක්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...