පිට පිට දවා ගත් දෙවැනි කඩුලු ත්‍රිත්වයත් සමග පැට් කමින්ස් ඉතිහාසගත වුණේ මෙහෙමයි

Date:

ඇෆ්ඝනිස්තානය සමග මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය යටතේ මෙරට වේලාවෙන් අද(23) පෙරවරුවේ පැවැති තරගාවලියේ 48 වැනි තරගයේ දී ද කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් සමත් වුණා.

ඒ, මීට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කළ තරගයේ දී ද පැට් කමින්ස් මේ ආකාරයෙන්ම කඩුලු ත්‍රිත්වයක් බිද හෙලූ පසුබිමකයි.

ඒ අනුව ඔහු ඉතිහාසගත වුණේ අඛණ්ඩව තරග දෙකකදී කඩුලු ත්‍රිත්වය බැගින් දවා ගත් ලොව දෙවැනි ක්‍රීඩකයා ලෙසයි.

මීට පෙර පාකිස්ථානයේ වසීම් අක්‍රම් විසින් 1999 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව පැවැති ටෙස්ට් තරග දෙකකදී මෙලෙස කඩුලු ත්‍රිත්වයක් බිද හෙලීමට සමත් වුණා.

එමෙන්ම ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩකයෙකු වන ජිමී මැතිව්ස් දකුණු අප්‍රිකාවට එරෙහිව 1912 වසරේ දී පැවැති ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම කඩුලු ත්‍රිත්වය බැගින් බිද හෙලීමට ද සමත් වී තිබුණා. එම කඩුලු ත්‍රිත්වයන් දෙකම බිද හෙලා තිබුණේ එක් දිනකදී වීම ද විශේෂත්වයක්.

මේ වන විට විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවා ගෙන ඇති 5 වැනි පන්දු යවන්නා ලෙසයි පැට් කමින්ස් අද ඉතිහාසගත වුණේ.

මීට පෙර ලසිත් මාලිංග, ටිම් සවුති, සර්බියාවේ Mark Pavlovic හා මෝල්ටාවේ Waseem Abbas මෙලෙස කඩුලු ත්‍රිත්වයන් දෙකක් විස්සයි 20 ජාත්‍යන්තර තරගවලදී බිද හෙලා තිබෙනවා.

පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ද අද තරගයේ දී පැට් කමින්ස්ට උදා කර ගැනීමට හැකියාව තිබූ නමුත්, ඩේවිඩ් වෝනර් විසින් Nangeyalia Kharote ලබා දුන් උඩ පන්දුවක් අත්හැරීම නිසා කමින්ස්ට එම අවස්ථාව අහිමි වුණා.

කමින්ස් විසින් 18 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී හා 20 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙකේදී යි සිය කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ. 20 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි වෝනර් අතින් අදාළ උඩ පන්දුව ගිලිහී ගියේ.

කෙසේ වෙතත්, මෙම තරගයෙන් ඇෆ්ඝනිස්තානය ලකුණු 21 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...