ලකුණු 50 කින් බංග්ලාදේශය පරදා ඉන්දියාව සිය අපරාජිත බව රැක ගනියි

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව තවදුරටත් රැක ගනිමින් තරගාවලියේ 47 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(22) සමත් වුණා.

සුපිරි 8 වටයේ 7 වැනි තරගය ලෙස පැවැති මෙම තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 196 ක් ලබා ගනිමින්.

හර්ඩික් පාන්ඩ්යා පන්දු 27 කින් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

රෝහිත් ෂර්මා ලකුණු 23 ක්, විරාත් කෝලි ලකුණු 37 ක්, රිෂාබ් පාන්ට් ලකුණු 36 ක්, සූර්යකුමාර් යාදව් ලකුණු 6ක් හා ශිවම් ඩූබේ ලකුණු 34 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ටන්සිම් හසාන් ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත් අතර, රිෂාද් හොසේන් කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 43 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146 ක් පමණයි.

ලිටොන් දාස් ලකුණු 13 කට දැවී ගිය අතර, ටන්සිඩ් හසාන් ලකුණු 29 යි. තව්හිද් හ්රිදෝයි ලකුණු 4 කටත්, ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත් දැවී ගියා.

නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 40 ක් ලබා ගත්තා. රිෂාද් හොසේන් ලකුණු 24 ක් රැස් කළ අතර, මහ්මුදුල්ලාහ් ලකුණු 13 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගත්තා. අර්ෂ්දීප් සිං හා ජස්ප්‍රිට් බුම්රා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මෙම ජයත් සමග සුපිරි 8 වටයේ දී ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන ඇති ඉන්දියාව මේ වන විට පළමු කාණ්ඩයේ පළමු ස්ථානය ද දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිව්වැනි ස්ථානවල රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...