එංගලන්තය අවසන් පූර්ව වටයට – ඇමෙරිකාව ඉවතට

Date:

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු රට බවට පත් වීමට එංගලන්ත කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, තරගාවලියේ 49 වැනි තරගය හෙවත් සුපිරි 8 වටයේ 9 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරදා කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වීමත් සමගයි.

Bridgetown හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව පන්දුවාර 18.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 115 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 9.4 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 117 ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ නායක ජොස් බට්ලර් පන්දු 38 කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 6ක් සමගින්. පිල් සෝල්ට් නොදැවී ලකුණු 25 යි.

පළමුව පන්දුවට පහර දුන් ඇමෙරිකාව වෙනුවෙන් නිටිෂ් කුමාර් ලකුණු 30 හා කොරේ ඇන්ඩර්සන් ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවී‌මේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 10 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඒ, කඩුලු ත්‍රිත්වයක් ද සමගින්. (දර්ශන පහතින්)

එංගලන්තය දෙවැනි කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමත් සමග මෙරට වේලාවෙන් හෙට(24) පෙරවරුවේ පැවැත්වෙන දකුණු අප්‍රිකා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගය මේ වන විට අර්ධ අවසන් පූර්ව තරගයක ස්වභාවයක් ගෙන තිබෙනවා.

ඒ අනුව එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එංගලන්තය සමගින් දෙවැනි කාණ්ඩයෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

අද තරගයේ ප්‍රතිපලයත් සමග ඇමෙරිකාවට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...