මෙන්ඩිස්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ නව වගකීමක් ; දික්වැල්ලටත් කැදවීමක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග එළඹෙන 16 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩංගනයේ දී ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(14) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කුසල් මෙන්ඩිස් මෙම තරගාවලිය සදහා නම් කෙරුණේ ඔහුට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන්තර තරග තහනම නියමිත කාලය නිමා වීමට පෙර අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා කටයුතු කිරීමත් සමගයි.

සිම්බාබ්වේ තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් හෝ දිනේෂ් චන්දිමාල් කඩුලු රැකීමට නියමිත බව ද දසුන් සදහන් කළා.

මේ අතර, කුසල් මෙන්ඩිස් සමග තරග තහනමකට ලක්ව සිටි නිරෝෂන් දික්වැල්ල ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලට එක්ව තිබෙනවා.

ඒ, මිනෝද් භානුක ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

කොවිඩ් 19 ආසාදනය වී සුවය ලබා ඇතත්, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි දසුන් ශානක කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...