කවාජාට ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙන් නව වගකීමක්

Date:

සිව්වැනි ටෙස්ට් තරගයේ දී ශතක දෙකක් වාර්තා කරමින් දැක් වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මැද පෙල පිතිකරු උස්මාන් කවාජාට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ද කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය තරගයේ දී මැදපෙල ශක්තිමත් කළ ඔහුට මෙම තරගයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙසටයි ක්‍රීඩා කිරීමට සිදුවන්නේ.

ඒ අනුව මෙතෙක් තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වූ මාර්කස් හැරිස්ට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

එමෙන්ම නායක පැට් කමින්ස් සදහන් කළේ අංක 5 ස්ථානය සදහා ට්‍රැවිස් හෙඩ් ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

ට්‍රැවිස් හෙඩ්ට  සිව්වැනි ටෙස්ට් තරගය අහිමි වුණේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

දෙරට අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගය අද(14) හෝබාර්ට්හී දී මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...