දකුණු අප්‍රිකාව තරගාවලිය ජය ගන්න ලකුණු 111ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගනිමින් ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම සදහා දකුණු අප්‍රිකා කණ්ඩායමට වැඩි අවස්ථාවක් උදා කරමින් දෙරට අතර තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද(13) නිමා වුණා.

ඒ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 212 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 101ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 16 කට දවා ගැනීමට මොහොමඩ් ෂාමි සමත් වූ අතර, ඩීන් එල්ගර් ලකුණු 30කට දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේයි.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 57 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 198ක් පමණයි.

රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 4ක් බිද හෙලූ අතර, කාගිසෝ රබාඩා හා ලුන්ගි එන්ගිඩී කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කේප් ටවුන්හි නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාව තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 111ක් ලබා ගත යුතුයි.

මේ අතර, දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේ දී ආර්. අශ්වින් යොමු කළ පන්දුවක් හමුවේ ඩීන් එල්ගර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගිය පිතිකරුවෙකු ලෙස පිටියේ විනිසුරු එක් අවස්ථාවක නම් කළ නමුත්, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රියාවලියේ දී (DRS) ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසට නම් කෙරුණා.

කෙසේ වෙතත්, ඊට දැඩි විරෝධයක් ඉන්දියාවෙන් එල්ල වූ අතර, නායක විරාට් කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කඩුල්ලට සවි කර ඇති මයික්‍රොෆෝනය (stump mic) වෙත ළගා වී අදාළ තීරණයට සිය අප්‍රසාදය දැඩිව පල කරනු දක්නට ලැබුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...